iranama
දුවගේ - පුතාගේ විවාහය ප්‍රමාද ද?
මෙන්න සරල පිළියමක්
අධ්‍යාපන කටයුතු හමාර කර රැකියාවකට යොමු වී විවාහ වීමට සුදුසු වයසට පැමිණි තම දරුවන්ට යහපත් විවාහයක් කරදී තමන්ගෙන් දරුවන්ට සිදුවිය යුතු යුතුකම් ඉටුකර සැඳෑ සමයේ නිස්කලංක දිවියක් ගත කිරීම බොහෝ දෙමාපියන්ගේ බලාපොරොත්තුවකි.
එහෙත් සමහර අවස්ථාවන්හිදී තම දරුවන් වෙත බලපාන්නා වූ විවිධ අපලකාරී තත්ත්වයන් නිසා සිදුවන විවාහ ප්‍රමාදවීම් හේතුවෙන් බොහෝ දෙමාපියන්ට දැඩි ශෝකයෙන්, කනස්සල්ලෙන් සුසුම් හෙළමින් දිවි ගෙවීමට ඉඩකඩ සැලසේ.
එවැනි අවස්ථාවල දී පසුතැවිලි නොවී දෛවඥ මහතකු ලවා තම දියණියගේ, පුතණුවන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ඊට අදාළ ශාන්තිකර්ම සිදුකරන අතරතුර දිනපතා සවස් කාලයේ උදාවන ගෝධූලි හෝරාවෙන් (මෙය දිනපතා සවස හිරු බැසීමට විනාඩි 12 ක් යනතුරු පවතී) පළමුව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල්, පහන්, පැන්, සුවඳ ඳුම් පූජා කර වන්දනාමාන කර සෙත්පිරිත් සඡ්Cධායනය කර දෙවියන්ට පිං අනුමෝදන් කරන්න.
අනතුරුව දුර්ගා මෑණියන්, කතරගම දෙවියන්, පත්තිනි මෑණියන් ඇතුළු දේවතා මණ්ඩලයේ සියලු දෙවියන් උදෙසා ද තිර වැඩි ප්‍රමාණයක් යොදා දැල්විය හැකි කුඩා පිත්තල පහනකට එළඟිතෙල්, අබ තෙල්, තල තෙල් මිශ්‍රකර දමා දල්වා නිල්, කහ, රතු, සුදු ආදී විවිධ වර්ණයෙන් යුතු මල් සමඟ සුවඳ දුම් පූජාකර පහත සඳහන් ස්තෝත්‍රය 21 වර බැගින් යාගනා කර තම දරුවාට බලපාන්නා වූ විවාහ බාධාව දුරුකර යහපත් විවාහ දිවියක් ගතකීරීමට අවශ්‍ය පසුබිම් සලසා දෙන මෙන් ඉල්ලා සිටින්න.
රක්ෂ රක්ෂ ජගන් මාතා දේවි මංගල චණ්ඩිකේ
හරිකේ විසදං රාසෝ පරිස්ය මංගල කාරිකේ
හර්ෂ මංගල දක්ෂේච ශුභේ මංගල දායිකේ
ශුභේ මංගල දක්ෂේච ශුභේ මංගල චණ්ඩිකේ
මංගලේ මංගලාර්සේව සර්ව මංගල මංගලේ
සදා මංගල දේ දේවි සර්වේ සාං මංගලාලයේ
පූජ්යෙ මංගල කාරේච මංගලා භිෂ දේවකේ
පූජ්යෙ මංගල භූපස්ස මනුවංසස්ය සංතතං
මංගලාධීර් ශාන්තදේවි මංගලා නාංච මංගලේ
සංසාර මංගලාධාරේ මෝක්ෂ මංගල දායිනී
සාරේව මංගලාධාරේ සාරේච සර්ව කර්මනං
ප්රතිමංගල වාරේව පූජ්යෙ මංගල සුඛෙඃ ප්‍රදේ
මෙම අත්දුටු අති ප්‍රබල ස්තෝත්‍රය පන්සිල් රකිමින් නිර්මාංශව ඉතා භක්තිමත්ව හැකිතාක් දුරට අක්ෂර හා වචන නොවරදවා ගායනා කිරීමෙන් ඔබේ දරුවාගේ විවාහ ප්‍රමාදය වළක්වා යහපත් විවාහයකට මඟ සැලසෙනු ඇත.
වැඩිදුර විස්තර සඳහා 072 - 3559768 අංකය අමතන්න.
ජ්‍යෙතිෂවේදී රංජන් සිසිර කුමාර
සටහන ධම්මික හේවාවසම්
divaina.com